(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.
ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබේ. දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත.
නිල්වලා ගඟේ ජල ප්‍රවාහය මේ වන විට මාතර නගරය ආසන්නයටම පැමිණ ඇතැයි ද නගරවාසීහු පවසති. අවතැන්වූවන්ට අවශ්‍ය මූලික පහසුකම් සැලසීමට දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් පියවර ගෙන ඇත. ඇතැම් ප්‍රදේශවල තව පිරිස් කොටු වී සිටින බවත් ඔවුන් බේරාගැනීමේ කටයුතු යුද නාවික හා ගුවන් හමුදාව පොලිසිය එක්ක මෙහෙයුන් ආරම්භ කර තිබේ.

