(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.
ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බව කී එම නිලධාරියා තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බව කීවේය.
හිටපු ඇමැතිවරුන් එම නිල නිවාස ආපසු බාරදී නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

