
(පුෂ්පකුමාර ජයරත්න)
නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ අවන්හලක මත්පැන් සාදයක් පවත්වමින් සිටි පුද්ගලයන් හය දෙනකු රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ නීති විරෝධී මත්පැන් සාදයට සහභාගි වූවන් පිරිස කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බවද එම ස්ථානයේ සිටි විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වැටලීම සිදු කරන අවස්ථාවේදී පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වසා දමා තිබෙන කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර මංසන්ධිය අසල පිහිටි අවන්හලක මෙම පිරිස ප්‍රසිද්ධියේ මත්පැන් සාදයක් පවත්වමින් සිටි අතර මහත් හඬින් කෑකෝ ගසමින් පවත්වාගෙන ගිය එම සාදය පිළිබඳව ප්‍රදේශවාසියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල පොලීසිය වැටලීම සිදු කර තිබේ.


