නිරෝධායන කටයුතු ගැන දැනගන්න දුරකතන අංකයක්


(ඉන්දිකා රාමනායක)
 
නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම වෙනුවෙන් යුද හමුදාව විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.
 
ඒ අනුව, 011-3090502 යන දුරකතන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයකුට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද හමුදාව සඳහන් කරයි.
 
නිරෝධායන කටයුතු සම්බන්ධව පැතිර යන කටකතා සහ ඒ සම්බන්ධයෙන් මහජනයා තුළ අනිසි බියක් හටගැනීම වළක්වා ගැනීම සඳහා මෙම දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.