නියෝජ්‍ය පොලිස්පතිට නොතීසි


2007 දී මාතලේ ඉදිකළ නිවසේ වැඩට ග්‍රාමාරක්ෂකයන් 5ක් හා කොස්තාපල්වරුන් දෙදෙනෙක් නීති විරෝධීව යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජූලි 21 අධිකරණයේ පෙනී සිටින ලසෙ මාතලේ හිටපු පොලිස් අධිකාරී හෙක්ටර් ධර්මසිරිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා නොතීසි නිකුත් කළේය. හෙක්ටර් ධර්මසිරි මේ වන විට ගාල්ල නියෝජ්‍ය පොලිස් පති ලෙස කටයුතු කරයි.