(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සිදුවී නැතැයිද, ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නැයිද නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පොලිස් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නියෝජ්‍ය කතානායකවරයා යවා ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.


