නියගයෙන් බැට කන ජනතාවට පානීය ජලය


(අජන්ත කුමාර අගලකඩ)
නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි  ජනතාවට අවශ්‍ය  පානීය ජලය  බෙදා හැරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ජල බවුසර් ප්‍රාදේශිය සභාවලට ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
 
දිවයිනේ  ප්‍රාදේශිය ලේකම්  කාර්යාල බල ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අර්බුධයකට  මුහුණ දී ඇති බැවින් ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ. මේ අතර පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය  හිගයකින් තොරව බෙදාහරින ලෙසද ඇමැතිවරයා සියලු පළාත් පාලන ආයත ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
 
මාස කිහිපයක් තිස්සේ  පවතින දැඩි නියගය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින්  2 39,000 ක පමණ පිරිසක්  මේ වන විට පීඩාවට පත්ව සිටින බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.