නිමාලි - විජේසේකර නව තරග වාර්තා පිහිටුවති


කොළඹ සුගතදාස කී‍්‍රඩාංණයේදී පැවත්වෙන 38 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) නව තරග වාර්තා 2ක් පිහිටුවීමට දකුණු පළාත් කී‍්‍රඩකයෙක් සහ කී‍්‍රඩිකාවක් සමත් වූහ. මීටර 400 කාන්තා කඩුලු පැන දිවීමේ ඉසව්ව විනාඩි 1 තත්පර 00.85 කින් අවසන් කළ ඩබ්ලිව්. කේ. එල්. ඒ නිමාලි නව තරග වාර්තාවක් තැබුවාය. එහි පැරණි් වාර්තාව (වි 01: තත් 01.45) පසුගිය වසරේදී එල්. ඞී. එන්. ජී ජයතිලක විසින් පිහිටුවන ලද්දකි. පිරිමි උස පැනීමේ ඉසව්වේදී මංජුල කුමාර විසින් පසුගිය වසරේදී තබන ලද මීටර 2.20 ක වාර්තාව අභිබවා මීටර 2.23 ක උසක් පනිමින් නව වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේම එම්. කේ. විජේසේකර සමත් විය.