නිධන් හොරුන් අල්ලන්න පොලිස් ඒකකයක්


නිධන් හාරා පුරාවිද්‍යා බිම් වනසන්නවුන් මැඩීමේ අරමුණින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා පුරාවිද්‍යා නිලධරයන් සමග කටයුතු කිරීමට යයි. නිධන් හෑරීම, ස්මාරක වැනසීම ආදීයේ යෙදෙන්නවුන් වැටළීම සඳහා මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, අම්පාර ඒකක පහක්ද පිහිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පළාත්බද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ ඒකක ක්‍රියාත්මත වේ.ප්‍රධාන ඒකකය කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිහිටැවේ. අඩුගණනේ නිදන් හෑරූ සිද්ධි 115ක් පමණ මෙමෙ වසරේ වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කොළඹ - 011 7222333, මහනුවර - 081 2234952, ත්‍රිකුණාමලය - 026 2224952, අම්පාර - 063 5683000, කුරුණෑගල- 037 2230206, අනුරාධපුරය - 025 2224680