(ඉන්දිකා රාමනායක)
නිදහස් චතුරඝ්‍රය පෙබරවාරි 4 වැනි පැවැත්වීමට නියමිත 72 වන ජාතික නිදහස් සමරු උළෙලෙහි, සැමරුම් උත්සවය හා ඒ සඳහා කෙරෙන පෙර පුහුණුවීම් වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ජනවාරි 31 දින උදෑසන 8.30 සිට මධ්‍යහන 1.00 දක්වාත්, පෙබරවාරි 1 වැනි දින උදෑසන 6.00 සිට මධ්‍යහන 12.00 දක්වාත්, 2 වන දින උදෑන 6.00 සිට මධ්‍යහන 1.00 දක්වාත්, 3 වන දින උදෑසන 8.30 සිට මධ්‍යහන 1.00 දක්වාත් විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ වෙනුවෙන් මාර්ග ගමනාගමන සීමාකරන මාර්ග සහ විකල්ප මාර්ග පහත නිවේදනයේ සඳහන් වේ.








