නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම හෙට


(නාලක සංජීව දහනායක)
 
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම එහි නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හා සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
 
මහ මැතිවරණයට එක්ව තරඟ කිරීමේදී ඇතැම් මැති ඇමතිවරුන් එල්ල කරනු ලබන විවේචන පිළිබඳව මෙන්ම අපේක්‍ෂකයන් තෝරාගැනීමේදී මතුවන ප‍්‍රායෝගික ගැටළු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් කීය.
 
එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ඇතුලූ තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇතැයිද එම ප‍්‍රකාශකයා කීය.
 
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, ජාතික සංවිධායකවරුන් වන අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරුන් ඇතුළු නිලධාරී මණ්ඩලයද සන්ධානයේ සාමාජික දේශපාලන පක්‍ෂ විධායක කමිටුවට නම්කර තිබෙන සාමාජිකයෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වෙති.