නිදහස් දිනයදා රැදවියෝ 512 කට නිදහස


( කේ.බුද්ධික කුමාරසිරි , ජවුෆර්ඛාන්, ජේ.කේ.එල් චාමින්ද, පාලිත ආරියවංශ, ප්‍රසන්න පද්මසිරි  )

72 වැනි  ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සුළු වැරදි සදහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 512 දෙනෙකුට අද (04)  දින නිදහස ලබා දීමට බන්ධනාගාර දෙපාර්මේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පාදුක්ක වටරැක බන්ධනාගාර එළිමහන් සිර කඳවුරෙහි සිටි රැඳවියන් 18 දෙනෙකු , මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 7 දෙනෙකු , බූස්ස බන්ධනාගාරයේ 12 දෙනකු ද බදුල්ල බන්ධනාගාරයෙන් රැදවියෝ 6 දෙනකුද,වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෝ 50 දෙනකු ද  සමාව ලබා පිටව ගියහ.

දිවයින පුරා බන්ධනාගාරයන්හි සුළු වැරදි සම්බන්ධ  රැදවියෝ 512 දෙනකුට මෙලෙස නිදහස ලැබී තිබිණි.

( ඡායාරූප -ජවුෆර්ඛාන්) 

( ඡායාරූපය බුද්ධික කුමාරසිරි) 

( ඡායාරූප- ජේ.කේ.එල් චාමින්ද )

(ඡායාරූප - පාලිත ආරියවංශ )

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)