නිදහසට කරුණු කියන්න මහැදුරුට කල් දෙයි


උසස් පෙළ ඉසෙඞ් ලකුණු ගැටළුව හේතුවෙන් අධිකරණයට අපහාස කළැයි දඬුවම් නොකිරීමට කරුණු ඇත්නම් සැප්තැම්බර් මස 12 වැනිදාට ප‍්‍රථම දිවුරුම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා සභාපති මහාචාර්ය ගාමිණී සමරනායකට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. නඩුව අවසානයේ මාධ්‍යයට කිසිදු ප‍්‍රකාශයක් නොකර, මාධ්‍ය මග හැර සභාපති පිටත් වී ගියේය. ඉසෙඞ් අගයන් හේතුවෙන් අසාධාරණයට ලක් වූ ශිෂය ශිෂ්‍යාවන් පිරිසක් ඒ මහතා වට කරගෙන අසා සිටියේ ”සර් අපිට වෙච්ච අසාධාරණයට වග කියන්නේ කවුද” ඔහු ඔවුනටද කිසිත් කීවේ නැත