නිදන් හොරු වාහල්කඩටත් පනිති


වාහල්කඩ වැව් බැම්ම ආසන්නයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩමක අඩි 12 ක් දිග අඩි හතරහමාරක් පළල අඩි 10 ක් ගැඹුරු වළක් හාරා නිදන් සෙවූ සිවිල් ආරක්‍ෂක භටයන් දෙදෙනකු, හමුදාවෙන් විශ‍්‍රාම ලැබූවකු, කට්ටඩියකු ඇතුළු 14 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. සැකකරුවන් ගෙනා පූජා භාණ්ඩද පොලිසිය බාරයට ගෙන ඇත.