නිධන් හෑරීමට අනුබල දුන්නැයි බදුල්ල දංදෙණිය පුරාණ ගංගාරාම විහාරාධිපති නෙළුම්වැවේ ධම්මවංශ හිමි ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය නියෝග කළාය.
ධම්මවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ විහාරස්ථානයේ පැරණි සොහොන් කොත් දෙකක් දායක සභාවේ අනුමැතියෙන් ඉවත් කළ බවයි.
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වාර්තාවක් කැඳවන තෙක් හිමිනම රිමාන්ඩ් කරන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය.

