නිදන් හෑරීම ගැන අස්ගිරි මාහිමි සංවේගයෙන්
නිදන් හෑරීමත් පන්සල් කැඞීමත් සංවිධානාත්මක ලෙස සිදු කරනුයේ බෞද්ධ උරුමය හා සංස්කෘතිය අකා මකා දැමීමට දැයි සැක මතුවෙතියි උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහානාහිමියයෝ මහනුවරදී පැවසූහ.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කරු ජයසුරිය මහතා සමග මහ නාහිමියන් ඒ ගැන කතා කළේ දැඩි සංවේගයෙනි. ”නිදන් ගන්න වෙහෙර විහාර පැරැණි තැන් කැඩෙනවාට හෑරුවාට ඒවායේ ඔය හිතන තරම් වටිනා නිදන් නැහැ. යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන මේ නිදන් හාරන්නේ බලගතු අයයි නැති බැරි අය නොවෙයි”.

