නිදන් කොල්ලකරුවෝ ගන්ධාර උරුමය වනසති


ආධුනික පුරාවිද්‍යාඥයන් හා අපරාධ කල්ලි සාමාජිකයන් පාකිස්තානයේ බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සොයා පුරාවිද්‍යා බිම් කැනීම ඩොලර් දසලක්‍ෂ ගණනින් උපයන ජාවාරමෙක් වී ඇතැයි එරට පුරාවිද්‍යාඥයෝම කියති. වසර දෙදහසක් පුරා පැවැති ගන්ධාර ශිෂ්ටාචාරයේ නටබුන් සොයා තැන තැන පුරාවිද්‍යා නටබුන් හෑරීම දිගට හරහට සිදුවෙයි වයඹදිග පාකිස්තානයේ බෞද්ධ නටබුන් හැම තැනම ඇත. ‘‘මේ අපේ ඉතිහාසය එදා අපි බෞද්ධයෝ. මේ අපේ සංස්කෘතික උරුමයයි. ජාතික අනාගතය රඳා පවතිනුයේ සංස්කෘතික උරුමයේ පදනම මතයි.’’ යනුවෙන් පාකිස්තාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අබ්දුල් අසීම් කියයි. තාලිබාන්වරු හොරෙන් හාරා ගන්නා මිල කළ නොහැකි දුර්ලභ නිදන් වස්තු යුරෝපයට හෝ එක්සත් රාජ්‍යයට යවන බවද කියති.