නැ’හිර ආසන 10ට හාරසීයක් පොර පිටියේ


නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රිකුණාමල දිසාවේ ආසන දහය සඳහා පක්ෂ 16ක් හා ස්වාධීන කණ්ඩායම් 16කින් අපේක්ෂකයෝ 416 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. නාමයෝජනා 33කින් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නාමයෝජනාව ප‍්‍රතික්ෂේප විය. කණ්ඩායම් නායකයා අත්සන් නොකිරීම ඊට හේතුව විය.