නැ‘හිර මුහුදේ ඛනිජ තෙල් ගවේෂණය අද සිට


( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය  හා මඩකලපුව  ආවරණය වන පරිදි  නැගෙනහිර මුහුදේ ඛනිජ තෙල්  ගවේෂණ කටයුතු අද   (02)  සිට ආරම්භ කීරිමට නියමීතය.

මේ අනුව ද්වි  - මාන භූකම්පන දත්ත රැස්කිරිම  සදහා BGP - Pioneer නැමැති  නෞකාව උපයෝගි කරගෙන තිබේ. ශ්‍රි ලංකා රජය මෙම ගවේෂණ කටයුතු ලොව ඛණිජ තෙල්  ගවේෂණයේ ප්‍රමුඛතම ප්‍රංශයේ ටෝටා සමාගමට ලබාදි තිබේ.චිනයේ නිෂ්පාධිත BGP - Pioneer නැමැති නෞකාව දින 42ක් තුළදි නැගෙනහිර මුහුදේ කිලෝමීටර්  5000ක වපසරියක්  ආවරණය කරමින් මෙම ගවේෂණ කටයුතු වල නියැලේ. 

මෙම නෞකාව වරෙක  ගොඩ බිමට ආසන්න වෙමින් ගමන් කරණ අතර තවත් වරෙක දියඹින් ගමන් කරමින් මෙම දත්තයන් රැස් කරයි. 

මේ නිසා ධිවර ප්‍රජාවට සිය කර්මාන්ත කර ගෙන යෑමේදි නෞකාව පිළිබදව අවබෝධයක් ලබාදෙමින් දැල් එලිමේදි එම කටයුතු  වලට බාධා නොවන ලෙස  සිදුකරගෙන යෑමට දැනුවත් කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල ප්‍රාදේශිය ධිවර පරික්ෂක  තිලක් බණ්ඩාර සෙනරත් මහතා පැවසිය.