ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් , නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසරේ සිසු සිසුවියෝ සියයක් පමණ අද (15) පැය හයක් පමණ කාලයක් එම විශ්ව විද්‍යාලයේ වන්දාරමුල්ල විද්‍යා පීඨය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවක් පැවැත්වූහ.
පළමු වසරේ සිසුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ භෞතික විද්‍යාව පරීක්ෂණය ද ඔවුහු වර්ජනය කළහ.
සිසුන් 72 දෙදෙනකුට විභාගයට ඉදිරිපත් වීමට ඉඩ නොදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව එම සිසුවෝ පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්තක විය.