නැහිර සරසවියේ වාද බේද නෑ
නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ කිසිම ජාතිවාදයක් නැතැයි මණ්ඩපාධිපති ආචාර්ය නාගලිංගම් කුලේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ මාධ්‍ය සාකාච්ඡාවකදී අද පැවැසීය.
එහි ජාතිවාදි ක්‍රියා සිදුවෙතියි පසුගිය දිනවල පළවු වාර්තා සම්බන්ධයෙන් කරුණ දැක් වූ මණ්ඩපාධිපති පැවැසුයේ සිංහල දෙමළ සමගිය නොරුස්සන ඉතා සුළු පිරිසක් එවැනි ක්‍රියාවල නිරත වන බවයි.
සුළු පිරිසක් හා ඔවුන්ගේ විදේශ ගත ඥාතීන් එවැනි ක්‍රියා අවුලුවන බව පෙනේ යැයි ඔහු කීවේය.
නැගෙනහිර සරසවියේ ජන සංනිවේදන ව්‍යපාර අධ්‍යපන හා සිද්ධායුර්වේද පීඨ ත්‍රිකුණාමලයේ ද සෙසු පීඨ මඩකළපුව වන්දාරමුල්ලේ ද ඇත.

