නැප්කින් සොරකම් කළ ලාංකිකයා පරිවාසයට
ඉතාලියේ බ්‍රේසීයා නුවර සුපිරි වෙළෙඳ හලකින් කැප්කින් ඇසුරුම් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු මාස හතරක පරිවාස කාලයකට යටත් කරන ලෙස එරට අධිකරණයක් නියෝග කෙළේය. ඔහු සොරකම් කළ බඩු මල්ලේ වටිනාකම යුරෝ පනහකි. (රුපියල් අටදහසකි) මෙම නැප්කින් සොරාගත්තේ මුදල් අහේනිය නිසා බවත් ගෙවල් කුලිය ගෙවා ගැනීමට පවා මුදල් නැති බවත් මේ සොරාගෙන ඇත්තේ අලුත උපන් දරුවකු වෙනුවෙන් බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දැන්වීය.ඉතාලියේ කරිටාස් වැනි සමාජ සේවා ආයතන මගින් මේ වැනි දේ නොමිලේ ලබා ගත හැකියාව තිබිය දී එසේ සොරකම් කිරීමෙන් ශ්‍රි ලංකාවට අපකීර්තියක් අත්වන බව එහි ශ්‍රී ලාංකිකයෝ කියති.

