නැන්දම්මාගෙන් පරණ ලේලිට ලෙඩ


මුල් විවාහයේ දික්කසාද නොවී තවත් සැමියකු හා ආවාහ වූ කොම්පඤ්ඤවීදියේ 19 හැවිරිදි පාතිමා රශ්ඞීන් නම් කතට මාස හයක සිරදඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එය පස් වසරකට අත්හිටවීය. රුපියල් 1500 ක දඩයක්ද නියම කළේය. පොලිසියට පැමිණිලිකර ඇත්තේ මුල් සැමියාගේ මවයි.