නැතිවූවන් සොයන කොමිසමට විශේෂඥයෝ තිදෙනෙක්


යුද සමයේ  අතුරුදන් වූවන් ගැන සෙවීමට පත් කළ කමිටුවට සහාය දීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති විසින් අන්තර් ජාතික විශේෂඥයෝ තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.

 සර් ඩෙස්මන්ඩ් ද සිල්වා, සර් ජෙෆ්රි නීස් හා ඩේවිඩ් ක්‍රේන් ඔවුහුය.

මේ අතර යුද සමයේ 18000ක් පමණ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇතැයි අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශන කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම හිටපු මහාධිකරණ විනිසුරු පවසයි.

ඉන් වැඩි ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් අතුරුදන් කරවීම පිළිබඳ පැමිණිලි යැයි පරණගම මහතා පවසයි.