කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා මැද රට සංචාරයක යෙදෙන ගමන් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට ගියේ ලක් සතොස ලොකු ලූනු මිලට ගැනීම නිරීක්‍ෂණය සඳහාය .අද උදේ 11.42 ට ඇමැති එහි දී මට හමූවන විටත් ලක් සතොස එහි පැමිණ සිටියේ නැත. එහෙත් ලූනු ගොවියෝ සිය අස්වැන්න ද සමග එහි පැමිණ සිටියහ.