නැට්ටා කොටා බෙහෙත් ඉල්ලාගෙන ඇවිත්
ඇලහැර, බකමූණ, ඔරුබැඳිසියඹලාව හා දමනයාය ඇතුළු ගම්බිම් කලක් තිස්සේ හොල්ලාගෙන සිටි නැට්ටකොටා පස්දින මෙහෙයුමකින් පසුව නිර්වින්දනය කැර අල්ලාගෙන බැඳීමට වනජීවි නිලධරයෝ සමත්වූහ.
මේ සතා සුදුසු වනයකට රැගෙන යාමට නියමිතය. මහවැලි කලාප පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ධර්මකීර්ති මහතා පැවසූයේ මේ අලියාගේ සිරුර පුරා වෙඩි වැදීඇති බවයි. වෙඩි වැදුණු අලියකු බොහෝ විට යළි ගම්වදිනුයේ මිනිසුනට ඒබව දැන්වීමට යැයි ඔහු කියයි.

