නැගෙනහිර සභාවට තහනමක් ඉල්ලයි


නියමිත කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගැනිම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඡුන්ද දායකයෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙළේය. දමන පදිංචි කස්තුරි කංකානම්ලාගේ ප‍්‍රියරන්ජන් අමරසිංහ විසින් ගොනු කැරුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් මහ ඇමැති, එම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, මාර්ග සංවර්ධන අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍යවරයා නම්කරනු ලැබ සිටිති. එම පළාත් සභාවේ නිල කාලය 2013 මැයි 10 වැනිදා අවසන් විය යුතු නමුත් ඊට පෙර එය විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දීමට මහ ඇමැති සූදානම් වන බව දැනගන්නට ලැබී ඇති බවත් ඔහු කියයි.