නැගෙනහිර මහා ඇමැති සන්ධානෙන්


නැගෙනහිර මහා ඇමැති වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නජීබ් ඒ මජීඩ් මහතා අරලියගහ මැදුරේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අබ්දුල් මජීඩ් මෙහොමඩ් නජීබ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූතූර් සංවිධායකවරයාය. 2004 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. 2006 දී පළාත් පාලන හා සමූපකාර නියෝජ්‍ය ඇමැති විය. 2010 දී පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්විය. සැප්තැම්බර් 8 වැනි දා පළාත් පාලන ඡන්දයෙන් තුන්වැනි තැනට මනාප ලැබීය. ඔහුගේ පියා වූ නජීබ් මජීඩ් මහතා 1970 සිරිමා බණ්ඩාරනායක රජයේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති විය. නැගෙනහිර පළාත් සභාවට වෙනම තරග කැර ආසන හතක් දිනාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රවුප් හකීම් දෙමළ මහජන විමුක්ති කොටි පක්‍ෂයේ පිල්ලෙයාන් (සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (හිටපු මහ ඇමැති) මේ අවස්ථාවට එක් වූහ.