නැගෙනහිර නාගාස් තෙවැනි ජයත් ලබයි
ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) රාත‍්‍රි පැවැති දෙවැනි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල කඩුලූ 6 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීය. නැගෙනහිර පිල ලකුණු 147 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකුර් රහිම් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැුස්කළේය.නැගෙනහිර පිල වෙනුවෙන් ශාමින්ද එරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ තුනක් දවාගත්තේය. බස්නාහිර පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 146 (තිලකරත්න ඩිල්ෂාන් 35, ඩැනියල් ස්මිත් 11, දිමුත් කරුණාරත්න 25, කැමරොන් බෝර්ගස් 32, සචිත‍්‍ර සේරසිංහ 11, ශාමින්ද එරංග 20/3, අජන්ත මෙන්ඩිස් 34/2)නැගෙනහිර පිල ඕවර 19 කදී කඩුලූ 4 ට 151 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් 30, මුෂ්ෆිකුර් රහිම් නොදැවී 54, ඇන්ජලෝ පෙරේරා නොදැවී 15, ඩර්ක් නැනිස් 34/3)

