නැගෙනහිර නාගාස් අවසන් මහ තරගයට එයි


නැගෙනහිර නාගාස් පිලට එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයයට සහභාගි වීමේ වරම් හිමිවිය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (29) රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබූ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වොරියස් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. නැගෙනහිර පිල පළමු වටයේ තරග හතරක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. කදුරට පිල තරග තුනක් ජය ලබා තරගයක් විසදුමකින් තොරව අවසන්වීමෙන් ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය. තරගාවලියේ නීති රීතිවලට අනුව ප‍්‍රසාද ලකුණක් ඉදිරියෙන් සිටි නැගෙනහිර නාගාස් පිලට අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව හිමිවිය. අවසන් මහ තරගය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ නැගෙනහිර නාගාස් පිල අතර අනිද්දා (31) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. ක‍්‍රීඩාංගණ සේවකයෝ දැඩි වර්ෂාව මධ්‍යයේ ආවරණ දැමූ අයුරු...