නැගෙනහිර කලාප ජංගම සේවය සිකුරාදා


සෞදි අරාබියේ  නැගෙනහිර කලාපයේ  තානාපති ජංගම සේවාව හෙට (06) සිකුරාදා  දමාම් කොබාර්  අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල අසල පිහිටි යෝජිත ශ්‍රී ලංකා පාසැලේදී පැවැත්වෙන  බැවින් තව දුරටත් නීතී විරෝධීව රැදී සිටින  ශ්‍රී ලාංකිකයන් සිටී නම්  එදින පැමිණ ලියාපදිංචි වී  මව් බිමට යාම සඳහා  අවස්ථාව උදා කැර ගන්නා ලෙස  රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය පවසයි.

 උදේ 8 සිට පස්වරු 2.30 දැක්වා මෙම ජංගම සේවය පැවැත්වේ.  

පොදු සමා කාලයට මව්බිමට යාම සදහා අවස්ථාව උදා වනුයේ 2013 අප්‍රේල් හය වැනි දිනට කලින් සිය සේවා යෝජකයා (හාම්පුතා) විසින්  ඒ බව ආගමන විගමන  කාර්යාලයයට ලිඛිතව දන්වා සිටින අය පමණක්  බව තානාපති කාර්යාලීය නිලධාරීන් කියයි.

එසේ වුවද විවිධ ප්‍රශ්න හා  දුෂ්කරතා හමුවේ  අවතැන්වන  ශ්‍රී ලාංකිකයාගේ කටයුතු සොයාබලා  නීතීමය පියවර ගැනීමට  තානාපති කාර්යාලයය ක්‍රියා කිරිමට  සුදානමින් සිටින බවද පැවසේ.

තානාපති ජංගම සේවය පැවැත්වෙන සිකුරාදා (06)  දින පැමිණෙන ලෙස  සියළුම නීතී විරෝධී  ශ්‍රී ලාංකිකයින්  තම ගමන් බලපත්‍ර ප්‍රමාණයේ  ඡායාරූප දෙකක් ගමන් බල පත්‍රයේ  පිටපතක්  වීසා සටහන් පිටුවේ  පිටපතක්ද රැගෙන එන මෙන් දන්වා සිටී.

එදිනට අනිකුත් ලිපි ලේඛන කටයුතුද  සිදු කරණු ලබන අතර  කම්කරු ගැටළු ,ගමන් බලපත්‍ර අලුත් කිරීම් , නව ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම් , උප්පැන්න සහතික අදිය ලබා ගැනීමට පැමිණෙන  සියළු දෙනා තම ලිපි ලේඛන  රැගෙන  පැමිණෙන  ලෙසද බලධාරීන් දන්වා සිටි.