නාහිමි නමගෙන් නැති බැරි පවුලකට නිවසක්


මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමෙන් කුඩාගොඩ දඹේතලවේ වැන්දඹු පවුලකට හා ඇගේ දරු සිවුදෙනාට නිවසක් පරිත්‍යාග කෙළේය. මුරුංගාගස්යාය අරමකෝන් දිසානායක පුංචිහාමි වීරක්කොඩි මාතාවගේ 10 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් මේ පරිත්‍යාගය කැරිනි. ඒ නිමිත්තෙන් පැවති පින්කමට මිද්දෙණිය පුරාණ විහාරාධිකාරී කිංචිගුණේ ඉන්දසිරි හිමි, හා වීරපාන ජිනරතන හිමියෝද වැඩම කළහ.