(සුජිත් හේවාජුලිගේ )
නැව්වල රාජකාරි කරන නාවිකයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාරයංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.
බොහෝ නාවිකයන් ෆයිසර් එන්නත නොලැබීමෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව වාර්තා වේ.

