නාවික හමුදාවෙන් සතියක පොදු සමා කාලයක්


(ජයන්ත සමරකෝන්)
 
පෙබරවාරි 4 වන දින සිට පැවැත්වෙන ජාතික නිදහස් දින උලෙළට සමගාමීව සතියක් පුරා නාවික හමුදාව විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක සූරියබණ්ඩාර මහතා පැවසීය.
 
සේවයෙන් නීත්‍යනුකූල ලෙස ඉවත් නොවූ, සේවය හැරගිය සියලුම සෙබළුන්ට හා නිලධාරීන්ට මෙම පොදු සමා කාලය තුළදී නැවත සේවයට එක්විය හැකි බවද ඔහු කීය.
 
මෙහිදී ඔවුන් කිසිදු දඬුවමකට යටත් නොවන බවද හෙතෙම සඳහන් කළේය.