නාවික හමුදාව තව තිහක් අල්ලයි


මීගමුවේ සිට බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යමින් සිටි සිංහල හා දෙමළ 30 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ගමන් කළ බෝට්ටුව මුහුද මැද දී කැඩී අනතුරකට පත්වී තිබියදී තංගල්ල නාවික හමුදාව එම පිරිස සමග කැඩුණු බෝට්ටුව ද ගොඩට ඇදගෙන ආවේය.