ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ මුහුදු අභ්‍යාස පැවැත්වීමෙන් ඉන්දීය රජය තමිල්නාඩු ජනතාවගේ හදවත තුවාල කර ඇතැයි චෝදනා කරමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාට ලිපියක් යවා ඇත.
ඉන්දීය ධිවරයන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නොයෙක් ගැහැට පමුණුවීමට එරෙහිව පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් තමා දිගින් දිගටම කළ ඉල්ලීම් ද නොසළකමින් මෙවැනි ක්‍රියාකාරකමකට සිය ආරක්ෂක අංශ සහභාගී කරවීම හැඳින්විය හැක්කේ සාහසික ක්‍රියාවක් හැටියට පමණක් යැයි ඇය එම ලිපියෙන් කියන්නීය.
ඒ අනුව මෙම නාවික අභ්‍යාස සඳහා සහභාගී කරවා තිඛෙන රාජ්කමල් හා විශ්වත් නෞකා දෙක හා නාවික නිලධාරින් වහාම මව් රටට කැඳවන්නැයි ඇය කියන්නීය.