නාවලපිටියේ ජයතිලක ක්‍රීඞාංගනය ජනපති අතින් ඉරිදා විවෘත කෙරේ By None // 2012 ජුනි 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පළාත් ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 250 ක වියදමකින් නිමකළ නාවලපිටිය ජයතිලක ක‍්‍රිඩා සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන ඉරිදා විවෘත කෙරේ. ග‍්‍රාමීය මට්ටමේ සිට ක‍්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යාම සදහා ජාත්‍යන්තර ප‍්‍රමිතියකින් හා ඉහළ තාක්ෂණයකින් යුත් ක‍්‍රීඩා සංකීර්ණ ප‍්‍රාදේශීය ,දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමින් ඉදි කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය සැලසුම් කර ඇත. පසුගිය වසරේ ආරම්භ කරන ලද මෙම සැලැස්මට අනුව, උතුරු පළාතේ කිලිනොච්චි ක‍්‍රීඩාංගණය, ඌව පළාත් ක‍්‍රීඩාංගණය, උතුරු මැද පළාත් ක‍්‍රීඩාංගණය යන කී‍්‍රඩංගණ වලට පෙර නිම කරන ලද්දේ නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයයි. ක‍්‍රීඩා 25 ක් සඳහා අවශ්‍ය පහසුකම් මෙම ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය තුළින් ලබා දීමට අපේක්‍ෂා කෙරේ. මීටර් 400 ක ධාවන පථයක්, මීටර් 200ක පුහුණු ධාවන පථයක්, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් පාපන්දු සහ රගර් ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාංගණයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ක‍්‍රීඩා 25ක් පුහුණු විය හැකි අංගසම්පූර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයකින්ද මෙය සමන්විත වන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත