
(රංජන් කස්තුරි)
නාවල විවෘත විශ්ව විද්‍යාලයට උපකුලපතිවරයකු පත් කර ගැනීම මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබේ.
නාවල විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපතිධූරය හෙට (23) සිට පුරප්පාඩුව පවතින අතර හිටපු උපකුලපති මහාචාර්ය අන්බාහන් අරියදුරෙයි මහතාගේ නිලකාලය අද දිනයේ අවසන් විය.
එම විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයකු තෝරාගැනීමේ ක්‍රියාවලිය මිට මාස හයකට පමණ ඉහතදී ආරම්භ වූ අතර උපකුලපති තනතුරට සුදුසු මහාචාර්යවරුන් තිදෙනකුගේ නම් විශ්ව විද්‍යාල සභාව මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කර තිබිණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යැවූ මහචාර්යවරුන් තිදෙනාගේම නම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා නැවත අයදුම්පත් කැඳවන්නැයි ජනාධිපතිකාර්යලය දැනුම්දී තිබුණු බව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් පියරත්න මහතා පවසයි.
කිසිදු හේතුවක් නොදන්වා නම් තුනම ප්‍රතික්ෂේප කිරීම දැඩි ලෙස හෙළා දකින බව ද එය සම්පූර්ණයෙන්ම දේශපාලන මැදිහත්වීමකැයි ද ආචාර්ය සංගමයේ සභාපතිවරයා කියයි.
විශ්ව විද්‍යාල පනත උල්ලංඝනය කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය අද (22 ) නාවල විවත විශ්ව විද්‍යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් ද පැවැත්විණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





