නාල්ල වස සිද්ධිය පොඩි දරුවා මරුට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය  පස් හැවිරිදි දරුවා අද උදෑසන මිය ගිය බව ගම්පහ නාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ලෝලුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කේෂාන් නමැති පස් හැවිරිදි දරුවෙකි.

සිය දරු දෙදෙනාට වස පොවා මව ද වස පානය කිරීම නිසා ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වයස අවුරුදු අටක් වන අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලීසිය සඳහන් කරයි.