(අරුණ කුමාර)
ශ්‍රී පාද පුදබිම දක්වා වන්දනා ගමනක් යන අතරතුරදී මහනුවර ප්‍රදේශයෙන් පැමිණි බස් රථයක ගැටී නාඋල - නාලන්ද ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගියදා (21) උදෑසන 7 පමණ නාලන්ද පාසල ආසන්නයේ දී පෞද්ගලික බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 50 දෙනෙකු තුවාල ලබා කුඩා දරුවෙකුට හා තවත් කාන්තාවකගේ ජිවිත අහිමි කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් වන්දනා නඩයක් සමඟ පෞද්ගලික බස් රථය ධාවනය කළ යාපාගම - දඹුල්ල ලිපිනයේ පදිංචි හෙටිටි ආරච්චිගේ වජිර ප්‍රියදර්ශන හෙට්ටි ආරචිචි (43) යන අය හා මඩකලපුව දෙසට විද්‍යාපීඨ දරුවන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කළ අඹතැන්න, මහනුවර ලිපිනයේ පදිංචි හපුආරච්චිගේ දිනේද්‍ර රුවන් හපු ආරච්චි (36) යන අය නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නාඋල මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතය.

