විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජීව විජේසිංහ කියයි.
නායකත්ව පුහුණුවට ගොස් උඩ පැනීම ආදියෙන් දරුවන්ට වූ සෙතක් නැතැයි කීය. අමාත්‍යවරයා විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍ය දෙය නොවන බව ද සඳහන් කළේය.
එමෙන්ම මෙම වැඩ සටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව කී මහාචාර්ය විජේසිංහ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාත්‍යාංශයක සහාය ලැබ ගැනීම වරදක් නොවුවත්, වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බව කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

