නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24 ක්


(හර්ෂණ තුෂාර සිල්වා)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 28 දහවල් දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

ඉදිරි පැය 24ක කාලයේදී ද අඛණ්ඩව වර්ෂාපතනය පැවැතිය හොත් නායයෑම් අවදානම සහිත කඳු බෑවුම්වලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අදාළ නිවේදනය හෙට පස්වරු 1 දක්වා වලංගු බව ද සඳහන් කළේය. 

ඒ අනුව දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය.

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ

කෑගල්ල දිස්ත්‍රික්කය

බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා ඒ අවට ප්‍රදේශ

ගාල්ල දිස්ත්‍රික්කය

බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම හා නියගොඩ හා ආශ්‍රිත ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කය

බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට හා බදුරලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ 

මාතර දිස්ත්‍රික්කය

කොටපොල, පස්ගොඩ, පිටබැද්දර හා මූලටියන,

හම්බන්තොට දිස්ත්‍රික්කය

වලස්මුල්ල සහ කටුවාන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ

නුවරඑළිය දිස්ත්‍රික්කය

අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ