නාමල්ට කොටස් හිමිකම් ඇති සමාගම් දෙකක ගනුදෙනු ගැන සොයයි


(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුත් එන්.ආර් කන්සල්ටන්ස් සහ ගවරස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සිදුකර ඇති බව කියන තවත් සැකකටයුතු ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඉදිරියේ අද (22) මෙම කරුණු දැක්වූයේ අදාළ නඩු තුනක් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී ය.