((සමන් විජය බංඩාර))
“අරණායකට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සමග වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින්ට නිතීය තදින්ම ක‍්‍රීයාත්මක කරන ලෙස කෑගල්ල දිසාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යැයි හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.
“නාමල් රාජපක්ෂ මහත්තයා අරණායක ආපු දවසේ වන්දනාවේ ගිය රාජ්‍ය නිලධාරින් ඉන්නවා. ඒ අයට මම එක දෙයක් කියනවා. අපි යන්න ඕනෑ එක ගමනක් අපි සමග යන්න බැරි රාජ්‍ය නිලධාරින් ඉන්නවා නම් අපව විවේචනය කරනවා නම් එක සම්පුර්ණයෙන් වැරදි“
“ග‍්‍රාම නිලධාරි වෙන්න පුළුවන් සමෘද්ධි නිලධාරි වෙන්න පුළුවන්,සංවර්ධන නිලධාරි වෙන්න පුළුවන් වහාම මෙ කොට්ඨාංශයෙන් එළියට යවන්න කටයුතු කරන්න. ඒ විඩියෝ එක මම ගෙනත් දෙනවා. ඒ අය අපට එපා.මේක රජයක් යන්න බැරිනම් සුරතල් කරන්නේ නැහැ අපි. ඒ අයට යන්න කියලා අපි කියනවා. අපේ ප‍්‍රතිපත්තියට විරුද්ධ වෙන මිනිස්සු එක්ක අපි වැඩ කරලා වැඩක් නැහැ. දිසාපති තුමාට බනින අය මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ. විවේචනය කරන අයට යටියන්තොට හරි ඔය සුන්දර පැත්තකට ගිහින් සුන්දරත්වය විඳලා එන්න පුළුවන්“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අද (14) අරණායක දී අවතැන්වුවන් සඳහා නිවාස ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.



