මොරටුව අලුත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කළබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩ වී ගඟ දෙස බලා සිටියහ.
මොරටු මෝදර පොලිසිය ද ආවේය.
ගඟට පැන්න මිනිහා ගොඩ ගැනීමේ මං සොයන්නට විය.
මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.
ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.