නාගරික මන්ත්‍රී ඝාතනයට අයෙක් සැකපිට


පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමල් සඳරුවන් දෙසතියකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි හඳුනාගත් දෙදෙනකුගෙන් එක් අයෙක් යතුරුපැදියක් ද සමග අත්අඩංගුවට ගත් බවත් අනෙක් පුද්ගලයා කවර මොහොතක හෝ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද පොලීසිය කියයි.

ඝාතකයෝ මෙම යතුරුපැදියෙන් එන්නට ඇතැයිද  තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය කියයි.