නාගදීපෙට වාහන එගොඩ කරන්න පාලම් පාරුවක්


යාපනය කූරිකඩ්ඩුවාන් හා ඓතිහාසික නාගදීපය අතර රථ වාහන රැගෙන යාම සදහා  නව පාලම් පාරු සේවයක්  මාර්ග සංවර්ධන අධිකාරිය හඳුන්වා දෙයි.

උතුරේ මෙතෙක් නාගදීපයට රථවාහන ගෙන යාමට නොහැකි විය.උතුරු වසන්තය යටතේ රුපියල් හය කෝටියක් පමණ  වියදමින්  නව පාලම්පාරු සේවාව ආරම්භකළ බවත් නාගදීපය සඳහා පැමිණෙන වන්දනාකරුවන් නොමිළේ රථවාහන රැගෙන යාමට හැකියාව ලබාදී තිබෙන බවත් උතුරු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

දිනපතා ගමන්වාර හතරක් යාපනය කූරිකඞ්ඩුවාන් සිට නාගදීපය අතර යාත්‍රා කරන බවත් එක් වාරයකදී රථවාහන දහයක් පමණ රැගෙන යෑමට හැකියාව ඇති බවත් නව පාලම්පාරුවේ රියදුරු ටි.බාස්කරන් මහතා කියයි.