නා ගස් යායේ මරණය අබිරහසක්


බලංගොඩ වන අඩවියේ වලව නිම්ම රක්ෂිතයේ නා ගස් රැසක් මැරී යතියි ද, කොකුන්, වෙනිවැල්, වල්ලපට්ට, කීන ශාක වේගයෙන් වඳවී යතියි ගැමියෝ ද, පරිසර හිතකාමීහු ද කියති.

සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී අයි යාපා පැවසුවේ රක්ෂිතයේ නා ගස් මැරනෙ බව හිමි නමක් දන්වා ඇති බවයි.

නා හා කීන ගස් ඉබේ මැරෙනවා ද, මරා දමනවාද යන්න ගැන සැකයක් පවතින බව ඔහු පවසයි.

මේ වනාන්තරයේ විශාල නා ගස් ඇති බව ද, එය යායට ගස් මැරී ඇති බව ද ඔහු පවසයි.

බලංගොඩ අතිරේක අඩවි වන නිලධාරී ආර් එම් එල් රත්නවීර මහතා පැවසුවේ මෙතෙක් හරි හේතුවක් සොයාගෙන නැති බවයි.

‘ලෝකාන්තයෙන් මෙවැනි තත්ත්වයක් තිබෙනවා.‘

නාගසේ ආයුෂ අවුරුදු සිය ගණනකට වඩා වැඩි බව බෞද්ධ පත පොත කියයි.