නළඟන නයා ඉල්ලයි


කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)ට ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන පහළොස් වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ප්‍රකාශ කළේය. කොල්ලුපිටිය පොලීසිය නළඟනට එරෙහිව අදත් චෝදනා ගොනු කළේ නැත. චෝදනා ඇත්නම් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළින් දිනයේ කීවේය. ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශ කුලරත්න මහතා ඇය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ නයා නපුරු සතකු වුවත් ඇති කිරීමේ තහනමක් නැති හෙයින් ඇයට නයා මුදා හරින බවයි. පොලීසිය ඊට විරුද්ධ විය.  මිනිසුන් සුරතලයට බල්ලන් බළලුන් ඇති කරන අයුරින් මේ නළඟනද නයකු ඇතිකරන බවත්, ඇය නයාට ආදරය කරන බවත් අර්ශ කුලරත්න මහතා කීවේය.