රාජ්‍ය කළමනාකරණ හා ව්‍යයවසාය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද සිරිකොතට ගියේය.
හිටපු ඇමැති ගාමිණී දිසානායක මහතාගේ ඡායාරූපයක් සිරිකොතේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් විවෘත කැරිණි.
‘ජනතාව වෙනුවෙන් කරන්න හදපු වැඩවලට ආණ්ඩුවෙන් ඉඩක් ලැබුණේ නැහැ. ඉදිරියේ දී පොදු අපේක්ෂකයාට සහාය දක්වනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැකි පමණින් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා.‘ යැයි දිසානායක මහතා කීවේය.





